CEFR, එහෙමත් නැත්නම් Common European Framework of Reference for Languages, කියන්නේ අන්තර්ජාතිකව පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම් සඳහා වන පොදු රාමුවක්. කිසියම් පුද්ගලයෙක් ඉංග්‍රීසි භාෂාව කොයිතාක් දුරකට අධ්‍යනය කර තියෙනවද යන්න මැනීමට භාවිතා කරන ජාත්‍යන්තර ප්‍රමිතියක් කිව්වොත් හරියටම හරි. මෙහිදී වැදගත් කාරණාව වන්නේ ඔබ යම්කිසි ප්‍රවීණතා මට්ටමකට සුදානම් වන්නේ නම් ඔබ, කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය යන චතුර්විධ කුසලතා වල දක්ෂතාවය පෙන්විය යුතු වීමයි. ලියන්න කියවන්න විතරක් පුළුවන් උනාට මදි.