Siyambalawahara,
Kalugamuwa, Kurunegala
+94 77 450 80 80
+94 71 480 70 70
ඔබ දන්නවාද ?
ලංකාවේ අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය මුළු අයදුම්කරුවන්ගෙන්
A සාමාර්ථ ලබාගන්නේ 15% කටත් වඩා අඩු පිරිසක් පමණක් බව
සහ
25% කටත් වඩා වැඩි පිරිසක් F සාමාර්ථ ලබාගන්න බව
2015 සිට 2022 දක්වා සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කර බලන විට අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය මුළු අයදුම්කරුවන්ගෙන් “ A ”” සාමාර්ථයක් ලබාගෙන ඇත්තේ ඉතාමත් අතලොස්සක් බව. අධ්‍යන පොදු සහතිකපත‍්‍ර උසස් පෙළ ප්‍රතිඵල මීටත් වඩා විශාල ප්‍රමාණයකින් අඩු අගයක් ගන්නවා. හෙට ලෝකයත් එක්ක හැප්පෙන්න නම් ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය කාරණාවක් වෙන බව පැහැදිලියි. ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පවා ඉංග්‍රීසි විශය සලකා බැලිය යුතු බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඉතාමත් ඉහලින් පිළිගන්න කරුණක්.
එයින් අදහස් වන්නේ අද වන විට සාමාන්‍ය පෙළ ගණිතය විෂයට සමාන පිළිගැනීමක් ඉංග්‍රීසි භාෂාවට අත්‍යවශ්‍ය වන බවයි. සාමාන්‍ය පෙළ ගණිතය හෝ ඉංග්‍රීසි භාෂාව අසමත් නම් සාමාන්‍ය පෙළ විභාගය අසමත් යැයි සලකනු ඇති බව වැඩි දෙනාගේ විශ්වාසයයි. ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහාද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යයෙන්ම සැලකිය යුතු බව කථිකාචාර්ය සහ මහාචාර්යවරුන්ගේ අදහසයි. අවධානමක් ගන්නේ නැතිව අද ඉඳලම හෙට දවසට සුදානම් වෙමු කියන්නේ අන්න ඒකයි.
A සාමාර්ථ 15% අතුරින් වැඩිම සිසුන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ කොළඹ මහනුවර සහ ගම්පහ වැනි දිස්තික්ක වලින්. වෙනත් දිස්ත‍්‍රික්ක වල ප්‍රතිශතයන් බැලූ විට එය 7% ක පමණ ඉතාමත් සුළු අගයක් වෙනවා. 25% කටත් වඩා වැඩි ප්‍රමාණයක් අදටත් ඉංග්‍රීසි විෂය සම්පුර්ණයෙන්ම අසමත් වෙන බව ඇත්තටම කණගාටුවට කාරණාවක්. අධ්‍යාපනය, තාක්ෂනය, මාධ්‍ය සහ අවස්ථා මේ තරම් දියුණු අද වෙනකොටත් 25% ක් සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය අසමත් කියන්නේ ඉතාමත් බැරෑරුම් ප්‍රශ්නයක්.
හැබැයි ඉතින් අපේ සිසුන්ගේ ප්‍රතිඵල නම් 100% විශ්වාසයි. 100% ප්‍රතිඵල සහතික කරන දිවයිනේ එකම ඔන්ලයින් අධ්‍යාපන ආයතනය වෙන්නෙත් Willington British Campus ම පමණයි.