Siyambalawahara,
Kalugamuwa, Kurunegala
+94 77 450 80 80
+94 71 480 70 70
මොකක්ද මේ CEFR Levels කියන්නේ....
CEFR, එහෙමත් නැත්නම් Common European Framework of Reference for Languages, කියන්නේ අන්තර්ජාතිකව පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම් සඳහා වන පොදු රාමුවක්. කිසියම් පුද්ගලයෙක් ඉංග්‍රීසි භාෂාව කොයිතාක් දුරකට අධ්‍යනය කර තියෙනවද යන්න මැනීමට භාවිතා කරන ජාත්‍යන්තර ප්‍රමිතියක් කිව්වොත් හරියටම හරි. මෙහිදී වැදගත් කාරණාව වන්නේ ඔබ යම්කිසි ප්‍රවීණතා මට්ටමකට සුදානම් වන්නේ නම් ඔබ, කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය යන චතුර්විධ කුසලතා වල දක්ෂතාවය පෙන්විය යුතු වීමයි. ලියන්න කියවන්න විතරක් පුළුවන් උනාට මදි.
පොඩි කාලේ ඉඳල කියවන්න ලියන්න විතරක් පුරුදු උන අපිට මේක අලූත් දෙයක් වගේ හිතුනත්, ඇත්තටම භාෂාවක චතුර සන්නිවේදකයෙක් වෙන්න නම් මේ කියන චතුර්විධ කුසලතා ඔබ විසින් සංවර්ධනය කරගත යුතුමයි. Pre-A1, A1, A2, B1, B2, C1 සහ C2 ලෙස ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටම් හතක් ක් Common European Framework of Reference for Languages හඳුන්වා දී ඇත. University of Cambridge English Assessments හරහා ඔබේ භාෂා හැකියාවන් සංවර්ධනය කිරීමට විෂය නිර්දේශයක් හඳුන්වා දී ඇති අතර, ඔබේ භාෂා හැකියාවන් පරික්ෂා කර බැලීම සඳහා එකිනෙකට වෙනස් වූ භාෂා ප්‍රවීණතා විභාග කිහිපයක්ම හඳුවාදී ඇත.
අප ආයතනය හරහා පවත්වන මෙම පාඨමාලා තුනම හදාරන දරුවෙකුට වසර හතරක් පහක් වගේ කාලයක් තුල ඉහළම භාෂා ප්‍රවීණතාවයකට ළඟා වීමේ
හැකියාව ඇති අතර පාඨමාලාව අවසානයේ University of Cambridge හරහා පිරිනමන Cambridge Advanced English යාවජීව සහතිකය
ලබාගැනීමේ හැකියාව ඇත. ඉතින් Advanced Diploma in English පාඨමාලාව සාර්ථකව අවසන් කරන දරුවන් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්
තරමටම ඉංග්‍රීසි භාෂාව චතුරව හසුරවනවා කියන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. CEFR ලොව පුරා සියලූම රටවල් වල, පාසල්,
විශ්ව විද්‍යාල සහ සේවා යෝජකයන් විසින් ඉතාමත් ඉහලින් පිළිගනු ලබන නිසා, ඔබේ Cambridge Advanced English සහතිකය
ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව පිළිගනු ලබන වටිනා සහතිකයක් බව සතුටින් යුතුව මතක් කරමු.