Siyambalawahara,
Kalugamuwa, Kurunegala
+94 77 450 80 80
+94 71 480 70 70
අපගේ පාඨමාලාවන් සකස් කර ඇත්තේ සිසුන්ට අවශ්‍ය භාෂා කුසලතාවය ලබාදීමට පමණක් නොවේ. අන්තර්ජාතික වශයෙන් නව අවස්ථා ඔබ වෙත ආකර්ෂණය කර දීම මෙහි ඇති ප්‍රමුඛ අරමුණකි. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පමණක් ලඟාකරදීමෙන් නොනැවතී ගෝලීය වශයෙන් පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට සහ හැකියාවන්ගෙන් පිරුණු හෙට දවසක් විවර කරදීමට අපි හැමවිටම උත්සාහ කරමු.
ගෝලීයකරණය වූ වර්තමාන ලෝකයේ, ඉංග්‍රීසි භාෂාව කියන්නේ හුදෙක් තවත් එක් භාෂාවක් විතරක්ම නෙවෙයි. ලෝකයේ වැඩිම පිරිසක් කථා කරන භාෂාව (L2) තමයි ඉංග්‍රීසි කියන්නේ. ඔබේ අධ්‍යාපන ජීවිතය හෝ වෘර්තීය ජීවිතය විතරක් නෙවෙයි එතනින් එහාට ඔබේ සමාජයීය පිළිගැනීම ඉහළ නංවන යතුර ඉංග්‍රීසි භාෂාවයි. අධ්‍යාපනික වශයෙනුත්, වෘර්තීමය වශයෙනුත් ඉහළටම යාමට මෙන්ම, ගෝලීය අවස්ථාවන් රැසක දොරටු විවර කර ගැනීමටත්, ඉංග්‍රීසි රටකට සංක්‍රමණය වීමටත්, චතුර සන්නිවේදකයෙක් වීමටත්, හොඳ නායකයෙක් වීමට සහ ඕනෑම අවස්ථාවක වඩාත් කැපී පෙනීමටත් අවශ්‍ය හැකියාව මේ හරහා ඔබට ලබාදෙයි.
Willington British Campus හි School of English Studies තෝරාගැනීම ම යනු ඔබ ඔබේ ජිවිතයේ ලද ජයග්‍රහණයකි. ඔබේ අධ්‍යාපන ගමනේ ඔබ කරන හොඳම ආයෝජනය මෙය වන බව නිසැකයි. මෙම පාඨමාලාවන් හදාරන කිසිවෙක් කිසිදිනක අසාර්ථක නොවන බව හා තමන්ට හමු වන සෑම විභාගයක්ම, සෑම අභියෝගයක්ම ඉහළින් ජයගැනීමට අවශ්‍ය දැනුම, ශක්තිය හා ධෛර්යය තමන් සතු බවත් පැහැදිළියි. සෑම දරුවෙකුටම ඔවුන්ගේ ඉලක්ක හා අරමුණු වෙත ළඟා වීමට අවශ්‍ය පුද්ගලික අවධානය සහ මගපෙන්වීම ලබාදෙමින් ඔවුන්ට මිත්‍රශීලී අධ්‍යාපනික පරිසරයක් ගොඩනගන්නෙමු.
අපගේ සාමුහිකයට ඔබව සාදරයෙන් යුතුව පිළිගනිමු. අපගේ ඒකායන බලාපොරොත්තුව ඔබගේ සාර්ථකත්වයම පමණයි.
පහත සඳහන් පාඨමාලා අප ආයතනය හරහා හැදෑරීමට අවස්ථාව සලසා ඇත.
01. Introductory Course in English
මෙම පාඨමාලාව සඳහා වයස් සීමාවක් අදාල නොවුනත්, ඉංග්‍රීසි භාෂාවට
ඉතාමත් ආධුනික ඉංග්‍රීසි බැරිම දරුවන් වෙනුවෙන්ම නිර්මාණය කර ඇත. මෙය මාස 04 ක පාඨමාලාවක් වන අතර ඉංග්‍රීසි භාෂාවේ
ශක්තිමත් පදනමක් ගොඩනැගීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. මූලික වාග්මාලාව සංවර්ධනයේ සිට කියවීම ලිවිම සහ මූලික
ව්‍යාකරණ අධ්‍යනය හරහා ඉතාමත් කෙටි කාලයක් තුල A1 ප්‍රවීණතා මට්ටමට කරා ළඟා වීමට ඉලක්ක කරන පාඨමාලාවකි.
02. Foundation in English
භාෂාවක් නිවැරදිව ඉගෙන ගන්න නම් එහි පදනම ඉතාමත් ශක්තිමත් විය යුතුයි. ඔබේ ඉංග්‍රීසි භාෂා
දැනුම කුමන මට්ටමක තිබුනද, එදිනෙදා ජීවිතය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම මෙම පාඨමාලාව හරහා සංවර්ධනය කරයි. සිසුන්ගේ
ඉංග්‍රීසි දැනුම A2 මට්ටම දක්වා පුළුල් කිරීම අරමුණු කරගත් මාස 8 ක මෙම මෙම පාඨමාලාව හරහා ව්‍යාකරණ, වචන මාලාව, කියවීම,
ලිවීම සහ සංවාද කුසලතා වැඩි දියුණු කරයි. උසස් අධ්‍යාපනයට හෝ වෘර්තිමය වශයෙන් අදාල මුලික ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය
සම්පූර්ණකරයි.
03. Advanced Diploma in English
ඉතාමත් සුළු පිරිසකට පමණක් හැදෑරීමට අවස්ථාව හිමිවන මෙම පාඨමාලාව විශේෂ වන්නේ
දරුවන් කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරමින් ඔවුන්ගේ ප්‍රගතිය සහ සාර්ථකත්වය තහවුරු කරන පාඨමාලාවක් බැවිනි. B1 ප්‍රවීණතා
මට්ටමේ සිට C2 දක්වා ඔබේ කියවීම, ලිවිම, සවන්දීම සහ කථනය යන කුසලතා ඇතුළු ඉතාමත් සංකීර්ණ ව්‍යාකර හා වාග්මාලාව සංවර්ධනය
තුලින් ඉංග්‍රීසි ජාතිකයෙක් තරමටම ඔබේ ඉංග්‍රීසි හැකියාව සංවර්ධනය කරන වසර හතරක පාඨමාලාවකි. පාඨමාලාව අවසානයේ Cambridge
Advanced English සහතිකය හිමි වේ.
හිත හිත ඉන්නේ නැතිව ඔබත් අදම ඔබේ ඉංග්‍රීසි භාෂා ගමන ආරම්භ කරන්න.