loader

Hello! Welcome to Willington British Campus

Image

අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙන ගෙනත් ඇයි තාමත් අපිට හරියට ඉංග්‍රීසි බැරි?

 

ගොඩක් දෙමව්පියන් සහ දරුවන් හිතාගෙන ඉන්නවා මේකට හේතුව ලංකාවේ අධ්‍යාපන රටාවේ වැරැද්ද කියලා. එහෙමත් නැත්නම් පාසල් ගුරුවරුන්ගේ වැරැද්ද කියල. සමහරු හිතනවා උපකාරක පන්ති ගුරුවරයාගේ වැරැද්ද එහෙමත් නැත්නම් තමන්ගේ දරුවාගේ නොහැකියාව කියලා. ඇත්තටම මේ එකම හේතුවක්වත් ඇත්ත නෙවෙයි. ගණිතය විද්‍යාව ඉගෙන ගන්නවා වගේ විෂයයක් විදියට භාෂාවක් ඉගෙන ගන්න බැහැ. ඒකට භාෂාවේ කුසලතාවයන් අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙන බව අවබෝධ කරගත යුතුයි.

 

භාෂාවක මූළික වශයෙන් කුසලතාවයන් හතරක් තියෙනවා. කියවීම, ලිවීම, සවන්දීම සහ කථනය. මේවට තමයි අපි චතුර්විධ කුසලතා කියලා කියන්නේ. කියවීම සහ සවන්දීම කියන්නේ ඔබ දැනුම ලබාගන්න ප්‍රභවයන් දෙකක්. ලිවීම සහ කථනය කියන්නේ ඔබ ලබාගත් දැනුමින් භාෂාව එහෙමත් නැත්නම් ඔබේ අදහස් ප්‍රකාශ කරන ප්‍රභවයන් දෙකක්. ඉතින් භාශාවක් සන්නිවේදනය කරන්න නම් මේ කියන කුසලතා හතරම මෙන්ම වචන සහ ව්‍යාකරණ සංවර්ධනෞඅ කිරීමත් ඉතාමත්ම වැදගත්.

 

ඔයාට භාෂාව produce කරන්න අවශ්‍ය නම් ඔයා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි පොත් කියවන්න සහ ඉංග්‍රීසි භාෂාවට ඇහුන්කම් දීම සිද්ධ කරන්නම වෙනවා. ඒ හරහා තමයි ඔයාට චතුර්විධ කුසලතා වර්ධනය කරගන්න ගමන් අළුත් ව්‍යාකරණ සහ අළුත් වචන ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම වැරදි වැරදි හරි ඉංග්‍රීසි කථ කරන්න සහ ලියන්නම වෙනවා. අපි පුංචි කාලේ එක පාරටම සිංහල කතා කලේ නෑ වගේ තමයි අලුත් භාෂාවක් ඉගෙන ගන්නකොටත්. වැරදි වැරදි හරි කථා කරන්නම් ඕනි.

 

ඉංග්‍රීසි භාෂාවට සවන් දෙන ගමන්, පොත් කියවන ගමන්, ඉංග්‍රීසි සිංදු, ඉංග්‍රීසි චිත්‍රපට බලන ගමන් විනෝදයෙන් ඉංග්‍රීසි භාෂාවට නිරාවරණය වෙන්න පුළුවන් අවස්ථාව අපි ඔයාලට හදලා දෙනවා.  ඉංග්‍රීසි භාෂාවේ නිවැරදි භාවිතයන් ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ කියන භාෂාවට නිරාවරණය වීම කියන කාරණාව හරහාම පමණයි. භාෂාවකට නිරාවරණය වීමකින් තොරව ඔබට කවදාවත් ඒ භාෂාව හරියට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබට මේතාක් කාලයකට ඉංග්‍රීසි භාෂා වටපිටාවක් පාසලේදී පන්තියේදී හෝ තිබුනා නම්, ඔබ අද වෙනකොට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙක්.

 

ඔබ නොදන්නා දෙයක් ඉක්මනින් ඉගෙන ගන්න අවබෝධ කරගන්න අළුත් දැනුම එකතු කරගන්න සහ ඒ වටපිටාවට හැඩගැහෙන්න ඔබට වඩා ඔබේ මොළය උනන්දුයි. එහෙම නම් හිතල බලන්න. මෙච්චර සලර භාෂාවක් අමාරුයි කියල කියන්නෙත්, අමාරුයි කියල හිතෙන්නෙත් අපි මේ භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරපු විදියේ වැරද්දක් නිසා විතරමයි. දැන්වත් භාෂාවක් භාෂාවක් විදියට ඉගෙන ගනිමු.  

 

මේ ලෝකේ තියෙන දහස් ගණනක් භාෂා අතුරින් ලේසිම භාෂාව ඉංග්‍රීසි භාෂාව කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබ අද මේ කතා කරන්නේ, ලෝකේ තියෙන අමාරු භාෂා වලින් එකක් බව ඔබ දැන සිටියාද? එච්චර අමාරු භාෂාවක් කතා කරන අපිට ඉංග්‍රීසි කියන්නේ කොයි තරම් නම් සරල භාෂාවක්ද කියල තේරෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. මේ පාඨමාලාව තුල ඔබටවත් නොදැනී ඔබ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා.

 

ශ්‍රී ලංකාවේ කිසිඳු අධ්‍යාපන ආයතනයක දක්නට ලැබිය නොහැකි ගනයේ ඉංග්‍රීසි භාෂා වටපිටාවක් අපි මේ පාඨමාලාව තුල ගොඩනගනවා. ඔබ නාගරික පරිසරයක ජිවත් වෙන කෙනෙක් වුනත්, ඔබ හද්ද පිටිසර ගමක ජිවත් වෙන කෙනෙක් වුනත්, එක හා සමාන වටපිටාවක් අපි ඔබ වෙනුවෙන් මේ පාඨමාලාව තුල ගොඩනගනවා. ඔබ කල යුත්තේ අවම වශයෙන් දවසට පැයක් හෝ වැඩි කාලයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් වෙන් කිරීමම පමණයි.

 

අපි පොරොන්දු වෙනවා අපේ මේ  අවුරුදු 4ක පාඨමාලාව අවසන් කරන  සෑම දරුවෙක්ම අනිවාර්යයෙන්ම 100% සාර්ථකත්වය ලබාගන්නා බව.
 

img

Sign up for Newsletter