Siyambalawahara,
Kalugamuwa, Kurunegala
+94 77 450 80 80
+94 71 480 70 70
ඔබේ ජයග්‍රහණය අපි සහතික කරන්නෙමු
මේ වන විට ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම කුමන මට්ටමක පැවතුනත්, ඔබ කුමන ආකාරයක අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තත්, වසර 4ක Advanced Diploma in English පාඨමාලාව ට සම්බන්ධ වන සෑම දරුවෙකුගේම සාර්ථකත්ව 100% තහවුරු කරන ලංකාවේ එකම ඔන්ලයින් පාඨමාලාව මෙය පමණයි. ලොව පවතින ඉහළම තාක්ෂණය භාවිතයෙන්, උසස්ම ශිල්පීය ක්‍රම සහ ඉගැන්වීම් කෙටි ක්‍රම හරහා ගුණාත්මකභාවයකින් යුතු ඉහළම භාෂාමය දැනුමක් ලබාදිය හැකි ලංකාවේ එකම ඔන්ලයින් අධ්‍යාපන ආයතනය Willington British Campus පමණයි. වසර 4ක Advanced Diploma in English පාඨමාලාව ට සම්බන්ධ වී වසර 4ම සම්පුර්ණ කරන කිසිම දරුවෙක් පහත සඳහන් කිසිඳු විභාගයකින් අසමත් නොවන බව පමණක් නොවේ ඉහළම සමාර්ථය ලබාගන්න බව තහවුරු කරන්නේද, ඔප්පු කරන්නේද අප ආයතනයම පමණයි. යම් හෙයකින් ඔබට හෝ ඔබේ දරුවාට එවැනි ආකාරයක ජයග්‍රහණයක් ලබාගත නොහැකි වුවහොත්, ගෙවූ සියළු පාඨමාලා ගාස්තු නැවත ලබාදීමේ වගකීම ආයතනය භාරගනියි. මෙම පාඨමාලාව අවසන් කරන විට, ඔබ ඉංග්‍රීසි භාෂාවේ Advanved English ප‍්‍ප්‍රවීණතා මට්ටම පසුකර අවසන්. මනා පෞරුෂයකින් හෙබි, ආත්ම විශ්වාසයකින් යුතු, නොපැකිලිව අභියෝග භාරගන්නා තරුණයෙක් / තරුණියක් වී හමාරයි. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂාව, උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි IELTS / PTE ප්‍රවීණතා විභාග ඉහළින් සමත් වෙන්න අවශ්‍ය භාෂාමය දැනුම ලබාගෙන අවසන්. ඒ වගේම University of Cambridge හරහා පිරිනමන Advanced English සුදුසුකම ලබා අවසන්. විභාග වලින් ඉහළම සාමර්ථ ලබාගැනීමට වඩා, ජාතිකව සහ ජාත්‍යන්තරව පිළිගන්න සහතිකයකටත් එහා ගිහින්, ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න ප්‍රවීණයන් අතරේ ඔබව කැපී පෙනෙන මට්ටමේ ගෞරවයක්, ආත්ම විශ්වාසයක්, දැනුමක්, හා කිසිවෙකුට නොදෙවෙනි පෞරුෂයක් ලබාගෙන අවසන්.
භාෂාමය චාරිකාවක මීටත් වඩා ඔබට ලබාගන්න පුළුවන් මොනවද? සරලවම කිව්වොත්, ඔබේ දෙවන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව මේ වෙනකොට ඔබේ මව් භාෂාව එහෙමත් නැත් නම් පළමු භාෂාව වන සිංහල හෝ දමිළ තරමටම ඔබට සමීප වෙලා අවසන්. බ්‍රිතාණ්‍ය ජාතිකයෙක් තරමටම ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාවන් සංවර්ධනය වී අවසන්. තව දුරටත් ඔබ සිංහලෙන් හිතන්නේ නැහැ. සිංහල ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනි නැහැ.
ආයතනයක් විදියට අපි ඔබව එතැනට රැගෙන යනවා. ඒක ස්ථිරයි. ඒ ගැන එක අංශු මාත්‍රයක බයක් හෝ සැකයක් ආයතනයක් විදියට අපිට නැහැ. දවසට අවම වශයෙන් පැයක් ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් වෙන් කරනවා නම්, දවසට අවම වශයෙන් වචන 10ක් පාඩම් කරනවා නම්, අපි කියන දේ කියන විදියටම කරනවා නම් මේ ජයග්‍රහණයට යන්න අවශ්‍ය වෙන්නේ හොඳින් සිංහල භාෂාව දැන සිටීම සහ ඒකායන අරමුණක් ඉලක්කයක් සහ අධිෂ්ඨානයක් තිබීම පමණමයි.
සාමාන්‍යපෙළ ඉංග්‍රීසි භාෂාවට නිසැක A සාමාර්ථයක්
උසස්පෙළ General English විෂයට නිසැක A සාමාර්ථයක්
IELTS භාෂා ප්‍රවීණතා විභාගයට Each Band 7.5 Score එකක්
PTE භාෂා ප්‍රවීණතා විභාගයට 75 Score එකක්